ඉක්මනින් ආණ්ඩුව පෙරළන්න නම් විපක්ෂය කළ යුත්තේ හැකි තරම් මැතිවරණ ඉල්ලා සිටීමයි

0 Jun 01, 2020 08.54am Gossip

ඉක්මනින් ආණ්ඩුව පෙරළන්න නම් විපක්ෂයක් කළ යුත්තේ හැකි තරම් මැතිවරණ ඉල්ලා සිටීම බවඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (30) මහනුවර දී ප්‍රකාශ කළේ ය.

අගමැතිවරයා මෙසේ කියා සිටියේ පෙරේදා ශ්‍රී දළදා සමිඳුන් වෙත වන්දනාමාන කිරීමෙන් පසු ව, එහි පැමිණ සිටි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

මැතිවරණ නොපවත්වා හැකිතරම් කල්දැමීමට සාමාන්‍යයෙන් උත්සාහ කරන්නේ ආණ්ඩුපක්ෂය වුවත් අද මේ රටේ ආණ්ඩුපක්ෂය මැතිවරණයක් ඉල්ලද්දී එය කල්දමන්නට උත්සහ කරන්නේ විපක්ෂය බවත් ඔවුන් මැතිවරණයකට බය ඇයි කියන කාරණය මේ රටේ ජනතාව හොඳින් දන්නා බවත් අගමැතිවරයා මෙහි දී කීය.

තමා ඇතුළු කණ්ඩායම විපක්ෂයේ සිටියදී මැතිවරණ නිසි වේලාවට පවත්වන ලෙස නිතර ඉල්ලීම් කළ බවත් අද විපක්ෂය උත්සහ කරන්නේ මැතිවරණ කල්දමා ගැනීමට බවත් හෙතෙම අවධාරණය කළේය.

මැතිවරණ කොමිසමක් ස්ථාපනය කර තිබෙන්නේ මැතිවරණ පැවැත්වීමට බවත් කොමිසමේ සභාපති ප්‍රමුඛ එම නියෝජිතයින්ගේ යුතුකම හා වගකීම වන්නේ නියමිත ක්‍රමවේදයට අනුව මැතිවරණ පැවැත්වීම බවත් කී අගමැතිවරයා මේ නිසා කොමිසම මැතිවරණය පැවැත්වීමට සූදානම් විය යුතු බවත් තමන්ට පෙනෙන පරිදි ඔවුන් මේවන විට මැතිවරණය පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත් පැවසී ය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහල් නිෂ්පාදන වියදම හා අලෙවියෙන් ලබන ලාභය සම්බන්ධ සියලු තොරතුරු රැස්කර සහල් කිලෝවක් සඳහා අවම මිලක් නියමකර තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා කීය. මෙම අවස්ථාවට හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල,ලොහාන් රත්වත්ත,දිළුම් අමුණුගම යන මහත්වරු සහභාගි වූහ.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post