කොළඹ අපරාධ කොට්ඨාසය රාජිතගෙන් ප්‍රශ්න කරයි

0 May 29, 2020 09.43am Gossip

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනතාව කැළඹෙන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් මාධ්‍ය හමුවක දී පැවසීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (28) මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශේධන මධ්‍යස්ථානයේදී ප්‍රශ්න කරනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ප්‍රශ්න කිරීම කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

රාජකීය- තෝමස් මහා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි 25 දෙනෙකුට කොවිඩ් 19 වැලදී ඇතැයි රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් එම ප්‍රශ්න කිරීමට මුල්වුණු බව එම නිලධාරියා පැවැසීය. එම ප්‍රකාශය ඔහු විසින් කර ඇත්තේ මාර්තු 17 වෙනිදාය.

හිටපු ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය ගැන කළ ප්‍රකාශයතක් සම්බන්දයෙන් ප්‍රශ්න කිරීමට අද (28) කොළඹ අපරාධ කොට්ඨාශය හමුවට කැදවා තිබේ.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post