ලොව ප්‍රබල නායකයන්ගේ වගකීම දියුණුවෙමින් පවතින රටවලට උදවු කිරීමයි

0 May 29, 2020 09.42am Gossip

ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම තම තමන් අතර කොන්දේසි පනවා නොගෙන මහා පරිමාණයේ ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධනයේ හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම යැයි අන්තර්ජාතික සමුළුවක් අමතමින් ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා ඊ‍යේ(28) ප්‍රකාශ ක‍ළේ ය.

කැනඩා හා ජැමෙයිකා අගමැතිවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධාන කරන ලද “කොවිඩ් - 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා මූල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” අමතා

ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ජනාධිපතිවරයා ‍මේ බව කියා සිටි‍යේ ය.

සෑම ප්‍රධාන ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය සපයන්නන් විසින් ලබාදෙන නිල ණය සහ මධ්‍යකාලීන හදිසි අයවැය ආධාර ණය පෞද්ගලික ණය වගකීම් සපුරාලීමට අවශ්‍ය සාර්ව ආර්ථික අවකාශය විවෘත කරනවා සේම එය වෙළෙඳ හා ගෙවීම් ක්‍රම ලිහිල් කර පෞද්ගලික අංශයේ ණය හිමියන්ට වර්ධනය නැවත සකසා ආයෝජනයට අවශ්‍ය විශ්වාසය ගොඩනැගීමට අවකාශය සැලසිය යුතු බව ද ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා ‍පෙන්වා දුන්‍‍නේ ය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ‍මෙ‍සේ ද කීය

ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ආදායම, අපනයන ආශ්‍රීත ආදායම, සංචාරක ව්‍යපාරය සහ සම්බන්ධිත සේවා ආශ්‍රිත ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග අපගේ සැබෑ ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇත. සේවා නියුක්තිය හා ජීවනෝපාය අහිමිවීම විශාලය.

අපට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන අපේ ප්‍රතිපත්ති අත්හළ නොහැක්කේ අප වඩාත් අගය කරන එකම වත්කම මානව සංවර්ධනය නිසා ය.

මෙය රජයේ හා ව්‍යාපාරික ආයතනවල පාලනය ඉක්මවා ගිය අර්බුදයක් වන හෙයින් බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය නිල ණය ප්‍රදානය කරන ආයතන වෙතින් කොන්දේසි විරහිත අය වැය සහයෝගය සහ රාජ්‍ය ණය සඳහා ණය කල් දැමීමේ වන්දි ආකාරයෙන් අන්තර්ජාතික සහයෝගය ලැබි යුතු වන්නේ පෞද්ගලික ණය සහ ලාභාංශ වෙළෙඳපොළෙහි විශ්වාසය ඉන් තහවුරු වන බැවිනි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන්ට බිඳවැටුණු ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට එවන් අවකාශයක් නිර්මාණය කිරීමේ විශේෂ වගකීමක් ඇති අතර ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටිය යුතු වන්නේ බොහෝ රටවල් සිය ණය බැඳීම් නොකඩවා ඉටු කර ඇති හෙයින් හා රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණඇති හෙයිනි.

අපේ ප්‍රමුඛතා වන කෘෂි හා ආහාර සුරක්ෂිතතාව, පරිසර සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර, ඩිජිටල් ආර්ථිකය හා ඩිජිටල් ආණ්ඩුකරණය. ග්‍රාමීය ආර්ථිකය හා දිළිදුකම අඩු කිරීම, ගම්මාන සඳහා වැඩි දියුණු කළ සබඳතා තුළින් ජනතාවට හා ව්‍යාපාරික ප්‍රජාවට වෙළඳපොළ ප්‍රවේශය සහ අපගේ පරිසර ආරක්ෂණ උපායමාර්ග හා අනුකූලව නගර නිර්මාණය පුරා මාස 02කට ආසන්න කාලයක් ආර්ථිකය වසා දැමීම හේතුවෙන් පසුබෑමට ලක්ව ඇත.

“ආරෝග්යන පරමා ලාභා හෙවත් යහපත් සෞඛ්‍යය පරම ධනය වේ”යන බුදු වදන සිහිපත් කරමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරමි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post