මනාප අංක නොදුන්නාට ඡන්දෙට බාධාවක් නැහැ

0 May 15, 2020 08.40am Gossip

මනාප අංක මෙතෙක් නිකුත් නොකළා යැයි කියා මහා මැතිවරණය ලබන ජුනි 20 පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. මැතිවරණ කොමිසම ලබන 20 වෙනිදා රැස්වීමට නියමිත ව ඇති බවත් අනතුරු ව පක්ෂ ලේකම්වරු මෙන්ම පක්ෂ නියෝජිතයින්ව ද මුණ ගැසීමට නියමිත බවත් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය. පවතින සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බලා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයකට බොහෝ විට එළඹෙනු ඇතැයි ද සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේය. කොමිසමේ අදහස මැතිවරණය කල් දැමීම නොවන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post