රාජිත රිමාන්ඩ්

0 May 14, 2020 08.48am Gossip

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී සුදු වෑන් රථ මගින් පුද්ගලයන් පැහැර ගත්තේ යැයි පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මාධ්‍ය හමුවක් පවත්වා අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප අවලංගු කරන ලද හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා 27 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට රාත්‍රියේම ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප නියෝගය දෝෂ සහිත බැවින් එය අවලංගුකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගකර ඇත්තේ රාජිත සේනාරත්න මහතා අධීකරණයට ඉදිරිපත් කරන ලෙසය.

එම නියෝගය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (13) සවස රාජිත සේනාරත්න මහතා පදිංචිව සිටින බව සදහන් බත්තරමුල්ලේ පිහිටි නිවසකට ගොස් ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීණ්ට එහිදී දැන ගන්නට ලැබී ඇත්තේ රාජිත සේනාරත්න මහතා එහි නොසිටින බවය. අනතුරුව රාජිත සේනාරත්න මහතා නවාතැන් ගැනීමට යොදා ගන්නා තවත් නිවාස සහ ස්ථාන කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට ලක්ව ඇති අතර ඔහු ඒ ස්ථානවලද දර්ශනය වී නැතැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ භාරවන්නේ ඒ අතර තුරදීය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී බැංකු කොල්ලකෑම් ඇතුළු පාතාල අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනක් මාධ්‍ය හමුවකට රැගෙන විත් රාජපක්ෂ ආණ්ඩුව සමයේදී සුදු වෑන් රථ වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් මරා මොණරාගල ප්‍රදේශයේ පිහිටි වැවකට දැමූ බවට ව්‍යාජ ප්‍රකාශයක් කිරීමක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකට අදාලව රාජිත සේනාරත්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මුලින්ම අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදීත් පදිංචි ස්ථානවලින් අතුරුදන් විය. දින ගණනාවකට පසු ඔහු මතුවන්නේ හෘද රෝගියෙක් ලෙස පුද්ගලික රෝහලකිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුව රෝහලේදී අත්අඩංගුවට ගන්නා අතර මහේස්ත්‍රාත් නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක්ද සිදුවිය.

ඒ වන විට අසාධ්‍ය තත්වයක් පෙන්නුම් කළ ඒ මහතා දින ගණනාවක්ම දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබූ අතර ඔහුගේ අසනීප තත්වය සුවය ලබා රෝහලින් පිටවන්නේ ඇප ලැබීමත් සමගිණි. කොළඹ මහාධිකරණය විසින් ඊයේ (13) අවලංගු කරනුයේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් එම ඇප නියෝගයයි
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post