ඊයේ රෝගීන් 33න් 31ක්ම නාවික හමුදාවේ නිවාඩු ගිය සෙබළුන්

0 May 05, 2020 08.34am Gossip

ඊයේ (04) දිනයේ වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 33 දෙනා අතරින් 31 දෙනෙකුම නිවාඩු ගොස් යළි කැඳවූ නාවික හමුදා සෙබළුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
"ඇත්ත වශයෙන්ම අපිත් සතුටින් හිටියා රාත්‍රී වෙනකල්ම නමුත් අවසාන වශයෙන් මේ රෝගීන් ප්‍රමාණය අපට හමුවුණා. මුල් අවස්ථාවේ තුන් දෙනෙක් හමුවුණේ, අවසාන වනවිට 33 දෙනෙක් හමුවෙලා තියෙනවා.
 
මේ 33 දෙනාගෙන් නාවික හමුදා පවුලකට අයත් අවුරුදු 13ක එක දරුවෙක්, ඒවගේම තවත් වයස 70ක පමණ කාන්තාවක් ඒත් නාවික හමුදාවෙ පවුලකට සම්බන්ධ කෙනෙක්. අනිත් සියලුම දෙනා ඒ කියන්නෙ 31ක් නාවික හමුදා සෙබළුන්. මේ අය නිවාඩු සඳහා නිවෙස් බලා ගිය අය.
 
නමුත් මේ සියල්ල මේ වනවිට නිවෙස්වල නෑ, ඒවගේම පවුලේ උදවියත් සමඟ ඔවුන් වෙනත් ස්ථානවලට ගෙනැවිත් තියෙනවා. ඒනිසා පැතිරීම අඩුවීමට ඒක හේතුවක් වෙනවා" යනුවෙන් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post