චීනයේ කොරෝනා වෛරසය පැරදවූ 475ක් රෝහලෙන් පිටව යති

0 Feb 05, 2020 09.36am Gossip

කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වූ 475 දෙනකු මේ වන විට සුව වී රෝහලෙන් පිටව ගොස් තිබේ.ඊයේ (03) නිකුත් කළ වාර්තාවට අනුව ගෙවී ගිය පැය 24 තුළ නව රෝගීන් 2, 829 දෙනකු හඳුනා ගෙන ඇති අතර 57 දෙනකු මිය ගොස් තිබේ. මියගිය පිරිස අතරින් 56 දෙනකු හුබෙයි පළාත් වැසියන් වන බවත් අනෙක් පුද්ගලයා චොන්ග්කින්ග් පුදේශයේ අයකු බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම අනාවරණය කරයි. කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කරන 5, 173 දෙනකු ඉරිදා දිනයේ දී වාර්තා වූ බව කොමිසම පවසයි. එදින වන විට චීනයෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 17, 205ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 361කි. කෙසේ වුවද රෝගීන් 2, 296 දෙනකු මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවේ. 21, 558 දෙනකුට වෛරසය ආසාදනය වී ඇතැයි සැක කෙරේ.

චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ මොවුන් හා සමීප සබඳතා පැවැත් වූ 189,583 දෙනකු හඳුනා ගෙන ඇති අතර වෛද්‍ය පරීක්ෂණවලින් පසු ඉන් 10,055 දෙනකු රෝහල්වලින් නිදහස් කර තිබේ.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post