නිදහස් උලෙළේ ජාතික ගීය සිංහලෙන් පමණයි

0 Feb 05, 2020 09.36am Gossip

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදිී ඊයේ (4) පැවැති නිදහස් දින සැමරුම් උලෙළේ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම සිදුවිය.

2015 දක්වා ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම සිදු කළ අතර, 2015 වසරේදී යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ නිදහස් උත්සවය ඇතුළු රාජ්‍ය උත්සව සඳහා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ ලබාදෙනු ලැබීය.

වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණිමෙන් පසුව ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට නියෝග කෙළේය. ඒ අනුව ජාතික නිදහස් සැමරුම් උලෙළේ දී එය ක්‍රියාත්මක කෙරිණි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post