වැඩි මිලට සහල් විකුණූ 703කට නඩු

0 Dec 28, 2019 11.20am Gossip

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් 703 දෙනකුට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. දැනුම් පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් පිළිබඳ දැනුම් දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවට කියා සිටී.

කූඨ වෙළෙඳුන් කිහිපදෙනකු සහල් අධික මිලකට අලෙවි කරන බව සිදු කළ විමර්ශන අනාවරණය කර ඇතැයි අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේය.

සහල් පාලන මිල සම්බන්ධයෙන් දිවයින පුරා කළ වැටලීම්වල දී වෙළෙඳසල් 22,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පරීක්ෂා කර ඇති බව ශාන්ත දිසානායක මහතා සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දා දේශීය සම්බා සහ නාඩු කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98. 00ක් ලෙස ගැසට් මගින් නිවේදනය කරනු ලැබීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post