හිටපු පොලිස්පති පූජිත් වැලිකඩ පොලිස් ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ගේනවා

0 Dec 20, 2019 10.20am Gossip

චම්පිකගේ රාජගිරියේ රිය අනතුර

වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේ දි රිය අනතුරක් සිදු කර සංදීප් නම් තරුණයකුට බරපතළ තුවාල සිදු කර පලා යෑමේ සිද්ධිය අනිසි ලෙස බලය භාවිතා කර විකෘති කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු වැලිකඩ පොලීසියේ ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඊයේ (19)  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය වෙත කරුණු වාර්තා කළේය.

සත්‍ය වසන් කර අමාත්‍යාංශ වාහනයකට සිදු වූ ලක්ෂ නවයකට අධික අලාභයක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් වර්ෂ 2016/2/28 වන දින රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර ආශ්‍රිතව කොළඹ අපරාධ කොට්ඨාසය නීතිපතිවරයා උදෘත ගොනු කළා. ඒවන විට විමර්ශන පරිශීලනය කර සැකකරුවන් දෙදෙනා වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික හා රියදුරු වන දිලුම් කුමාර යන අයට දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති හා මොටර් රථ වාහන ආඥා පනත යටතේ අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දී තිබෙනවා.

පළමු සැකකරු වන පාඨලී චම්පික රණවක මහතා පරිශ්‍රමයක් දරා ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කර තිබෙනවා. පැමිණිල්ල නිශ්චිත රිය අනතුර සම්බන්ධව නොවේ. මෙය සම්පුර්ණ අධිකරණ ක්‍රියාවලිය නීතිය දුෂණයට ලක් කළ ප්‍රබල අක්‍රමිකතා සහිත කරුණක්. මෙය නැවත විමර්ශනයක් නොවේ.

2016/2/28 රාත්‍රි 9.45ත් 10ත් අතර රාජගිරියේ දී විදුලිබල අමාත්‍යාංශයට අයත් KI-7545 ජීප් රථයේ WPVAK 2011 දරණ යතුරුපැදිය ගැටි අලාභයක් සිදුවෙනවා. ජීප් රථය උඩින් ගිහින් එහා පැත්තට තරුණයකු වැටෙනවා. එම යතුරුපැදිය පැදවූ තරුණයා එතැනම අක්‍රමණ්‍ය වෙලා. යතුරු පැදියේන් මිතුරුන් දෙදෙනා ජීප් රථය පසු පස ලුහුබදිනවා. මැතිවරණ කාර්යාලය හරහා කොටා පාර ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කළ ජීප් රථය ආයුර්වේද වටරවුමට පෙර ජීප් රථය නවත්වනවා. අනතුර සම්බන්ධ විමර්ශනයේ දී රාත්‍රිෙය් වුවත් අව් කණ්නාඩි පැළඳ සැකකරු සිටිනවා. ප්‍රශ්න කර පහර දීමකට ලක් කර සාක්කිකරුවන්ට මම පාඨලි චමිපික, බොරැල්ල පොලීසියට යන්න කියනවා.

සාක්කිකරුවන් අනන්‍යතාව තහවුරු කිරීමට හැදුනුම්පත ඉල්ලා සිටිනවා. වම් පස දොර විවෘතව තිබිය දී ජීප් රථය පලා යනවා.මිතුරන් දෙදෙනා රෝහලට ගොස් රාත්‍රියේ වැලිකඩ පොලීසියට ගිය විට රියදුරු බොරැල්ල පොලීසියට ඉදිරිපත් වෙලා. වැලිකඩ පොලීසියේ වින්දිතයන් පැය 11/2 රැඳී සිට බොරැල්ල රාජගිරියට රස්තියාදු කර ප්‍රකාශ තුනක් ලබා ගෙන තිබෙනවා.

මිතුරා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. රථ වාහන අධිකරණයට නඩුව ඉදිරිපත් කරමින් පොලීසිය පවසන්නේ වාහනය පදවා ගියේ චම්පික ඇමැතිතුමාගේ රියදුරු බවයි. චෝදනාවට වරද පිළිගනිමින් නඩුව අවසන් වෙනවා. මිතුරන් දෙදෙනා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මෙම සැකකරු නියම සැකකරු නොවන බවට දන්වා තිබෙනවා.

2016/2/28 රාජගිරිය පොලීසියේ දී වින්දිතයන්ගේ සාක්කි පොලිස් කොස්තාපල් කුමාර හා අධීකෂණ නිලධාරි ලක්ෂාන් ලබාගෙන තිබෙනවා. මොවුන්ගේ උපදෙස් අනුව පාඨලිගේ නම විමර්ශනවලින් ඉවත් කර තිබෙනවා. අධික්ෂණ නිලධාරීන්ට රථවාහන ස්ථානයේ පොලිස් ස්ථානාධිපති පෙරේරා යන අයගේ නියෝග අනුව ඔවුන් ක්‍රියා කර තිබෙනවා. වැලිකඩ ප්‍රධාන පොලිස් පරීක්ෂක අස්මඩලේ යන අයගේ ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රියා කරනවා. නඩු විකෘති දැකලා තිබෙනවා.

මෙහි විත්තිකරුගේ සම්පුර්ණ නම ඉවත් කර විමර්ශන කරලා. පොලීසිය වගකීමෙන් වැඩ කළයුතුයි. දේශපාලන බලය ධනය යොදා නඩුව විකෘති කර වාහනයට ලක්ෂ නවයක අලාභයක් සිදු වෙලා. එය අමාත්‍යාංශ ලේකම් ගෙවනවා. පොලීසිය ගැන කියන්නත් ලැජ්ජයි. වින්දිතයන් රස්තියාදු කර ප්‍රකාශ විකෘති කර ක්‍රියා කර තිබෙනවා. නේවිල්ට කොන්ද තිබුණ නිසා අද පළමු සැකකරු ලෙස පාඨලී ගෙන තිබෙනවා. දෙවන සැකකරු සඟවාගෙන සිටිනවා. රාජකාරියට බාධා කරන වෘත්තිකයන් සිටිනවා. ලක්ෂ නවයක අලාභායක් සිදු වෙලා රාජ්‍ය දේපළ පාඩුව ගන්න විමර්ශන සිදු කරනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිතබන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නීතිය අවභාවිත කර නීතිය අපගමන ලේඛන හැදුවාද ? මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ තරාතිරම නොබලා කඩිනමින් විමර්ශන පවත්වා අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවට රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

බල පුළුවන්කාරකමින් නීතිය නවන අයට මෙම සිද්ධියේන් ප්‍රබල සමාජ පණිවිඩයක් ලබා දීම සඳහා සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට ඉල්ලා සිටින බව පැවසූ දිලිප පීරිස් මහතා රිය අනතුරක් සතෙකුට වූවත් මහමඟ දමා යන්නැති සමාජයක් සිටින මෙවන් කලක තරුණයා සදාකාලික අකර්මණ්‍යී සිටිනවා. ඔහු පිළිබඳ සොයා බැලීමක් නැහැ.පොදු දේපළ පනත යටතේ කරුණු වාර්තා කර තිබෙනවා. පාඨලිගේ දුරකථන වාර්තා සැසදෙනවා. දුරකථන අංක ඉල්ලා සමාගම් වෙත ඉල්ලීම් කර තිබෙනවා. වසර තුනකට පසු වින්දිත පාර්ශ්වය යුක්තිය ඉල්ලා අධිකරණයට පැමිණ තිබෙනවා. නීතිපතිවරයා නියෝජිතයා ලෙස මා මෙම අයුතු අධම ක්‍රියාවලිය නැවැත්විය යුතුයි. බලය තනතුර යොදා ගෙන මෙම කර්තව්‍ය කළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් යුතුයි. ඇප ලබා දුනහොත් ඉදිරි විමර්ශනවලට බාධා ඇති විය හැකි බැවින් ඊට විරුද්ධ වන බව පවසමින් පැමිණිලේ කරුණු දැක්වීම දිලිප පිරිස් මහතා අවසන් කෙළේය.

මෙහිදි සැකකරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පවසා සිටියේ නීතිපති අපක්ෂපාති විමර්ශනයක් සිදු කරන බව පෙනි යන බවත්, රාත්‍රී අත්අඩංගුවට ගැනීම ඡායාරූපකරුවන් මාධ්‍ය අධිකරණය හමුවේ රැඳීසිටීම මඟින් එය මනාව පෙනි යන බවයි.

එක් එක් අයට සිදු වු දේවල් පැවසුවත් ඇප පනතේ 14 වගන්ති සම්බන්ධයෙන් කිසිදු කරුණක් පැමිණිල්ල ඉදිරිපත් නොකළ බවට නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය. දණ්ඩ නීති සංග්‍රහයේ 102,113,190,192,324 යන නිතිමය වශයෙන් චෝදනා 102,113 කුමන්ත්‍රණය ආධාර අනුබල දිම යන චෝදනාවන්ට කිසිම සාක්කියක් නැහැ. වාහනය හැප්පුණා රක්ෂණ මුදල් ලබා ගත්තා. අධිකරණ ක්‍රියාවලිය ස්වාධිනයි කිසිම බලයකට හිස නවා නැහැ. විකෘති වූ ආස්වාදයක් ලබා ගැනීමට පොලිස් නිලධාරීන් අධිකරණ ක්‍රියාවලිය යොදා ගෙන තිබෙනවා. එයට ඉඩ දිය නොහැකියි සැකකරුගේ පවුලේ අය රාත්‍රී 12 ට ගෙනවිත් රඳවා තබාගෙන තිබෙනවා. නීතිය අපගමනය වන්නේ එවැනි ක්‍රියා නිසායි පොදුදේපළ පනත අනුව නම් සහකාර පොලිස් නිලධාරියකුට ඉහළ තලයේ නිලධාරියකුගේ සහතික යක් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඇප පනතේ කරුණු දක්වා නොමැති නිසා අධිකරණ මනස යොදා සැකකරුට ඇප ලබා දෙන ලෙසට නීති වාර්තා දක්වමින් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මෙහිදි නීතිඥ ගුණරත්න වන්නිනායක පවසා සිටියේ සැකකරු අධිකරණය පැමිණ ඕනැම අවස්ථාවක දී අධිකරණයට ඉදිරිපත් වන බව සඳහන් කරමින් තිබිය දී පොලීසිය රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

මෙහිදී නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දැක්වීමට අධිකරණ අවසර ඉල්ලා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැඩිලෙස විරෝධය පළ කරමින් පැවසුවේ එක් නීතිඥයකු පමණක් සැකකරු වෙත පෙනී සිටිය යුතු යන්නය.

වින්දිතයන් තමන් ටසිදු වූ අතෘප්තිකරණය සම්බන්ධ කරුණු ඉහළ අධිකරණයකට ප්‍රතිශෝධන අයැදුමක් හෝ ඉදිරිපත් කර නොමැති බවත්, පොදු දේපළ පනත යටතේ ඇපදි ය හැකි වගන්ති නීති වාර්තා ගෙන හැර දක්වමින් අජිත් පතිරණ මහතා අධිකරණයට කරුණු දැක්වීය.

කුරිරු අශාවන්ට අධිකරණය රබර් මුද්‍රවක් නොවිය යුතු බව පවසමින් පිළිතුරු කථාව කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ මහජන බදු මුදලින් යැපෙන අපට ආශාවන් තිබෙනවා බලය අනිසි ලෙස යොදා සිද්ධියෙක් යට ගසා තිබූ අවස්ථාවක ඔවුන් යුක්තිය ලබාදිමට. කාවවත් ආරක්ෂා කරන්න සුදු හුණු ගාන්න අප සුදානම් නැහැ. නීතියේ රාමුවට පිටින් නීතිපතිවරයා පෙනි සිටින්නේ නැහැ.

මහෙස්ත්‍රාත්වරිය- 2016/6/29 නියෝගයට ප්‍රථම පොලීසිය නීතිපති උපදෙස් ලබා ගත්තාද ?

පොලීසිය- නීතිපති උපදෙස් ගත්තේ නැහැ. අගතියට පත් පාර්ශ්වය රහස් පොලීසියට මෙම සිද්ධිය ලබා දෙන ලෙසට ඉල්ලීම් කර තිබෙනවා.

මෙහිදී මෙම නඩුව සඳහා පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසා සිටියේ මහේස්ත්‍රාත්වරයා දිර්ඝ ලෙස පොලීසියෙන් කරුණු විමසා නියෝගය ලබා දුන් බවත් සාක්කි නොමැති බවට පොලීසිය කරුණු දැක්වීම මත අධිකරණය මෙම නියෝගය දුන් බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

මහෙස්ත්‍රාත්වරිය- පොදු දේපළ පනතේ 2 වගන්ති අනුව අධිකරණයට කරුණු වාර්තා කරනවා ද?

පොලීසිය- විමර්ශනය සිදු කරනවා අනාවරණය වන කරුණු අනුව ඊයේ පොදු දේපළ පනත අනුව පොලිස් සහතිකයක් ගොනු කර තිබෙනවා.

මහෙස්ත්‍රාත්- මෙම නඩුවට පොදු දේපළ පනත අදාළ වන්නේ කොහොමද ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්- පොදු රිය අනතුර සම්බන්ධ වැරැදි තොරතුරු ලබා දී ලක්ෂ නවයක මුදල රක්ෂණ ආයතනයෙන් මුදා හැරීමට ක්‍රියා කිරීම

මෙහිදි අධිකරණයේ සියලු දෙනා ශබ්දලෙස සිනා සීමත් සමඟ අධිකරණය නැවත නිහඬ කරමින්

අමාත්‍යවරයකුවුනාම ආරක්ෂක නිලධාරීන් පිරිවරා යන්නේ මොකට ද? මේවා මහජන මුදල්.

මෙම සිද්ධිය සම්බන්ධ දිර්ඝ ලෙස අධ්‍යයනය කළ යුතු බවට දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරිය විමර්ශනයේ මුල් අවස්ථාව බැවින් ඇප ලබා දිය නොහැකි බවත්, ඇප ලබා දෙනවාද ? නැද්ද ? යන්න ලබන 24 වන දින ප්‍රකාශයට පත් කරන බවත් දන්වමින් එතෙක් සැකකරු රක්ෂිතබන්ධනාගාරගත කිරීමට නියම කළාය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග ,රිෂාඩ් බදුර්දින්, තලතා අතුකෝරාළ, හරීන් ප්‍රනාන්දු, ගයන්ත කරුණාතිලක, කරුණාරත්න පරණවිතාන, රංගේ බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, ෆවුසි, රවි කරුණානායක ඇතුළු හිටපු මැති අමැතිවරු අධිකරණය හමුවේ රැඳී සිටිනු දක්නට ලැබිණි.

අධිකරණය සංකිර්ණ වටරවුම අසල සිට අධිකරණ මාර්ගය දෙපස හා අධිකරණයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණි.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post