කෝටි දහයක රත්රන් ගුවන්තොටේ දී අත්අඩංගුවට

0 Dec 12, 2019 10.04am Gossip

ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපළේ සේවකයකුට එළියට රැගෙනවිත් දෙන ලෙස ලබාදුන් විදුලි පංකා (ෆෑන්) පෙට්ටියක තිබී රුපියල් මිලියන සියයක් වටිනා රත්රන් තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඊයේ (11) පෙරවරු 11.30 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ෆෑන් පෙට්ටියේ තිබී රත්රන් කිලෝ 10 ග්‍රෑම් 844 ක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා පවසයි.

අදාළ සංචාරකයා ගුවන් තොටුපළ ඩියුටි ෆ්‍රී සාප්පුවකින් විදුලි පංකාවක් මිලදී ගෙන ඇති අතර එම විදුලි පංකා පෙට්ටිය එළියට රැගෙනවිත් දෙන ලෙස පවසා තිබේ. අදාළ සාප්පුවේ 39 හැවිරිදි සේවකයා 46 හැවිරිදි ඹ්ස්ට්‍රේලියානු ජාතිකයා කෙරෙහි කිසිදු සැකයක් නොමැතිව එම විදුලි පංකා පෙට්ටිය එළියට රැගෙන ඒමට කැමැත්ත පලකර රැගෙන විත් තිබේ.එහිදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විදුලි පංකා පෙට්ටිය පරික්ෂා කිරීමේ දී රුපියල් මිලියන සීයයක් වටිනා රත්රන් තොගය සොයා ගැනීමට සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් රත්රන් තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් රේගු නිලධාරීන් වෙත බාරදී තිබේ.

සිද්ධිය පිළිබඳ රේගු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post