ස්විස් තානාපති කාර්යාල සිද්ධිය: රාජිතගෙන් ප්‍රකාශයක් ගන්න

0 Dec 06, 2019 09.28am Gossip

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක ගැන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකර ඇති බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස රජය අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකර ඇති මෙම ප්‍රකාශය අනුව, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සේනාරත්න මහතා යමක් දන්නා බවට හැගී යන බවත්. මෙම ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බවත් රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය. එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අදාළ අංශ වෙත රජය උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

සම කැබිනට් ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (5) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ස්විස් තානාපති කාර්යාල සේවිකාව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය පූර්ණ , පැහැදිළි හා විනිවිද පෙනෙන ආකාරයේ පරීක්ෂණයක් සිදු කරන බවයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post