මාධ්‍ය වාර්තා අසත්‍යයි

0 Nov 30, 2019 09.43am Gossip

මිලියන හතරකට (4) අධික පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇතැයි ඊයේ (29) ඇතැම් ජනමාධ්‍යවල ද, ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල ද පළ වී ඇති වාර්තා මුළුමනින්ම සත්‍යයෙන් හා වගකීමෙන් තොර බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැඳින්වීමට තමා කිසිවිටෙක නොපැකිළෙන බවත්, අමාත්‍ය ධුරයේ වගකීම් භාරගත් මොහොතේ ජනමාධ්‍ය හමුවේ ද මම එය අවධාරණය කළ බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තමාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවේ මේ රක්ෂණය සඵලදායී ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක පාර්ශ්වයේ දී සිදු වූ සියලු දුර්වලකම් සහ අනීතික ක්‍රියාකාරකම් දුරු කොට ජාතියේ දරුවනට උපරිම ප්‍රතිලාභ හිමිවන සේ ක්‍රියාත්මක කළ යුතු බව යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ අනුව, ජාතික වගකීමක් ලෙස කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් මේ සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගනු ලබන්නේ ගෞරවයෙන් සහ මහත් වූ විශ්වාසයෙන් යුතුව බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කරයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post