රාජ්‍ය ව්‍යවසායක මණ්ඩල-වාණිජ ව්‍යාපාරවලට දක්ෂයන් පත් කිරීමට ජනපති උපදෙසින් කමිටුවක්

0 Nov 29, 2019 10.13am Gossip

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාරවලට දක්ෂතා, සුදුසුකම් සහිත පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සය පුද්ගල කමිටුවක් පත් කෙරේ.

හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයකු සහ රාජ්‍ය අංශය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන සුමිත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මේ කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුක්ත වේ.

උක්ත තනතුරු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සුදුසුකම් ඇති වෘත්තිකයන් සිය අභිලාෂය පළ කිරීමේ ප්‍රකාශ දෙසැම්බර් 18 වැනි දින හෝ ඊට පෙර කමිටුව වෙත යොමු කරන්නැයි ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post