රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම අද

0 Nov 27, 2019 10.00am Gossip

අමාත්‍යාංශ ලේකම්වරුත් පත්කෙරේ

නව අන්තර් වාර ආණ්ඩුවේ රාජ්‍ය නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (27) උදෑසන දිව්රුම් දෙති. නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ප්‍රදානය ද ඉන් අනතුරුව සිදු කෙරේ. අන්තර්වාර ආණ්ඩුවේ 15 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලය පසුගිය 22 වැනි දා පත් කෙරින.

ව්‍යවස්ථානුකූලව මහ මැතිවරණය පැවැත්වෙන තෙක් කෙටි කාලසීමාවක් සඳහා මෙම අන්තර්වාර ආණ්ඩුවක් පත්කෙරුණ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ තැබූ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අදියර ක්‍රියාවට නැංවීම මෙම ඇමැති මණ්ඩලයට පැවරී තිබේ.

අන්තර්වාර රජයේ කැබිනට් ඇමැතිවරුන්ගේ විෂයය පථයන් පුළුල් ස්වභාවයක් ගෙන ඇති හෙයින් ඔවුන්ගේ කටයුතු පහසු කිරීම සඳහා රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ඒ ඒ විෂයන්ට අදාළව පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පැවසීය.

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනුබද්ධ අනෙකුත් පක්ෂ වෙත අවස්ථාව හිමි වනු ඇති බවත් එම ආරංචි මාර්ග තහවුරු කළේය.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post