අගමැති මුදල් ඇමැති ලෙස අද වැඩ අරඹයි

0 Nov 25, 2019 09.12am Gossip

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස අද (25) පෙ.ව.9.30 ට කොළඹ මුදල් අමාත්‍යාංශයේදී රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් සිකුරාදා සිය රජයේ පහළොස්දෙනෙකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලය පත්කළ අතර එහිදී මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය.

නව මුදල් ඇමැතිවරයා වැඩ භාරගැනීමේ අවස්ථාවට අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වනු ඇත.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post