නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණි 05ක් අත්අඩංගුවට

0 Oct 21, 2019 10.18am Gossip

තලේමන්නාරම, පියර් මුහුදු තීරයේ දී නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් 05දෙනෙකු ඊයේ(20) අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලේමන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ මුර සංචාරයකදීය.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයින් පේසාලේ, යාපනය, තලේමන්නාරම හා මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
 
සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(21) ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන තලේමන්නාරම පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post