පො‍හොට්ටුව මැතිවරණ භීෂණයේ පළමු වෙඩි මුරය පත්තුකළා

0 Oct 08, 2019 09.46am Gossip

පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාර‍ය භීෂණයේ පළමු වෙඩි මුරයට මාස පහක් වයසැති දියණිය සමඟ මුහුණදීමට තමාට සිදුවූ බව එජාප මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කීවාය.

ඊයේ (07) උදේ මැතිවරණ කාර්යාලයට යාබද මහ පාරේදී මෙම සිද්ධියට තමාට මුහුණදීමට සිදුවූ බව ඇය කීවාය. පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ භීෂණයට යටත්ව සිදුවුණ අපහසුතා අප්‍රමාණ බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

පොහොට්ටුවේ සාමාජිකයන්ට කොටුවුණ මන්ත්‍රීවරියට අවලාද නගමින් ඇනුම්පද කියමින් පරුෂ වචනයෙන් බැනවදිමින් අත්විඳින්නට සිදුවුණ භීෂණය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානය යොමුකරමින් පොලිස් මූලස්ථානයට සහ මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණිලි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඊයේ වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවට එක්වෙමින් තමන්ට පොහොට්ටුවේ පාක්ෂිකයන්ගෙන් අත්විඳින්නට සිදුවුණ බියකරු සිදුවීම් පෙළ මෙලෙස විස්තර කළාය.

මැතිවරණ මහලේකම් කාර්යාලය දෙසට ඊයේ උදේ වාහනයෙන් ගමන් කිරීමේදී විශාල වාහන තදබදයකට හසුවුණා. සෑහෙන කාලයක් එකම තැන වාහනයේ සිටින විටදී උසස් පොලිස් නිලධාරින් දෙදෙනෙකු දුටුවා. ඉක්මනට යාහැකි මාර්ගයක් විමසීමට මගේ ‍පොලිස් ආරක්ෂකයකු ගොස් ඔවුන් හමුවුණා‍. පොලිස් නිලධාරින් දෙදෙනෙකු ගමන් කරන බයිසිකලයක් පසුපස ගමන් කිරීමට අවස්ථාව එම උසස් පොලිස් නිලධාරින් ලබාදුන්නා. පොලිස් බයිසිකලය අපව ගෙන ගියේ පොහොට්ටුවේ සාමාජිකයින් අතරටයි. එම අවස්ථාවේ වාහනයෙන් මම පිටතට පැමිණියා.

පොහොට්ටුවේ පාක්ෂිකයින් ඉතා නිර්දය ලෙසින් කුනුහරුප කියමින් මට බැනවදිමින් විශාල ගාලගෝට්ටියක් ඇති කළා. එම ස්ථානයේ මාත් සමඟ 2014 පළාත් සභාවට ඉදිරිපත් වූවන් සිටියා. “ඇයි මට මෙහෙම කරන්නේ” මොකක්ද මා කළ වරද මම ඔවුන්ගෙන් විමසුවා. වාහනය තුළ සිටින මාගේ කිරිකැටි දියණියට යමක් කරාවිදෝ යන බියෙන් මම සලිතව සිටියා. ‍ෙපාහොට්ටුවේ පාක්ෂිකයින් මාහට ඉතා පහත් ලෙස දොස් පවරමින් කලබල කෙරුවද මම ඔවුන් අතරින් ඔවුන්ට සිරස නමා ආචාර කරමින් අතවනමින් සීලාචාරව හැසිරුණා. එසේ ගමන් කරමින් සිටි මට ජනතා විමුක්ති පෙරමුණේ පිරිස හමුවුණා.

විනයගරුකව ඉතා හොඳට හැසිරෙමින් ඔවුන් සිටියා යාබදව එක්සත් ජාතික පාක්ෂිකයින්ද නිහඬව මාහට ආචාර කරමින් සිටියා. මෙම අවස්ථාවේදී පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියගේ සැමියාගේ මැදිහත්වීම නිසා මගේ වාහනය කරදරයකින් තොරව හසුරා ගත්තා පමණක් නොව පිරිසගේ කුරිරු විලාසය මැඩපැවැත්වීමට ඔහු ක්‍රියා කළා.

මාගේ දරුවාගේ වාසනාවට පොහොට්ටුවේ මරකටින් මට ගැලවීමට ඉඩ ලැබුණා. මගේ දරුවා වාහනයේ සිටින බව දුටු අයකු පිරිසට ඒ බව පවසා කලබල නොකරන ලෙසට ඉල්ලුවත් එම කීම තුට්ටුවකටවත් පිස්සුවෙන් මෙන් හැසිරෙන පරුෂ වචන පවසන්නන් පිළිගත්තේ නෑ.

මට මෙහිදී ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙන් ඇසීමට තිබෙන්නේ මම කාන්තාවක්. එසේවත් නොසලකා භීෂණය පතුරුවන්නට කාන්තාවන්ට‍ ජනතාවට ආරක්ෂාවක් නොමැති රටක් ගොඩනගන්නද මොවුන් මේ විලිලැජ්ජා නැතිව ඡන්දය ඉල්ලන්නේ. සදාචාරයක් නොමැතිව පාක්ෂිකයින්ව හසුරුවමින් භීෂණයෙන් රට ගෙනයාමද ඔවුන්ගේ අරමුණ. මැතිවරණ භීෂණය ඊයේම පොහොට්ටුව ඇරඹුවා.

මාගේ පොලිස් ආරක්ෂක නිලධාරියාගේ අතිනුත් යම් වරදක් සිදුවී තිබෙනවා. එය මම පිළිගන්නවා. එම වරද වන්නේ වාහන තදබදය ගැන කලින්ම විමසා නොතිබීම සහ ‍ෙපාහොට්ටුවේ පාක්ෂිකයින් සිටින තැනට අපව ගෙනයාම වළක්වා ගැනීම සඳහා සිතා බලා කටයුතු ‍ෙනාකිරීමයි. තවත් පොලිස් බයිසිකලයෙන් පැමිණි පොලිසියේ දෙදෙනාටත් පොහොට්ටුවේ පාක්ෂිකයින් අතරට අපව නොගෙන යාමට ඉඩ තිබුණු බව මගේ අදහසයි.

මටත් ගෝඨාභය, මහින්ද, දුමින්ද සිල්වා දුටුවිට අප්‍රමාණ වේගයක් හිතේ ඇතිවෙනවා. ඒ මගේ පියාගේ ඝාතනය හේතුවෙන්. නමුත් මම වේග දරාගැනීමට හැමවිට ක්‍රියාකරනවා. සංවරශීලීව මම හැසිරෙනවා. ඔවුන් දුටුවිට ආචාරශීලී වෙනවා.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post