ගෝඨාභය තරග කළ යුත්තේ පොහොට්ටුවෙන්

0 Sep 14, 2019 09.51am Gossip

මේ මොහොතේ කවුරු කෙසේ කීවත් ජනප්‍රියම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් හැඟීම්බර නොවී තර්කානුකූලව තමන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුව ලකුණින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකගේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

මෙවර ජනපතිවරණයේ දී අපේක්ෂකයකු ඉදිරිපත් කළ හොත් ඔහුට කිසිසේත්ම ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්නා බව ද රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර දී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේය.

ජනපතිවරණයට පොහොට්ටුව නොමැතිව වෙනත් ලකුණකින් ඉදිරිපත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් පවසන්නේ වෙනත් අයගේ කොන්ත්‍රාත් මත පක්ෂ දෙකේ එක්වීම වැළැක්වීමට බව ද ඒ මහතා කීය.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් ඉඩම් හා පොලිස් බලතල යම් යම් සංශෝධනයන්ට යටත් කර ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post