සන්ධානයක් පිහිටුවීමට එකඟයි: එයට ප්‍රථම ජනපති අපේක්ෂක නම් කළ යුතුයි

0 Aug 10, 2019 09.21am Gossip

එක්සත් ජාතික පක්ෂය විසින් සන්ධානයක් පිහිටුවීමට තමන් ලක්ෂවාරයක් එකඟ වන අතර එයට පෙර ජනාධිපති අපේක්ෂකයකු නම් කිරීමෙන් පසු සන්ධාන ගිවිසුම නිර්මාණය කළ යුතු යැයි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු සන්ධානයක් හැකි ඉක්මනින් පිහිටුවිය යුතු බවට මා සහ අගමැතිවරයා එකඟ වූ බවට ඊයේ(09) පුවත්පත්වල පළ වී තිබේ.

එවැනි සන්ධානයක් පිහිටුවීමට මා සියයට සියයක් නොව සියයට ලක්ෂවාරයක් එකඟය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය මෙන්ම එකී සන්ධානයට එකතුවීමට කැමැත්ත පළකර ඇති ප්‍රබල පක්ෂ බහුතරයද දරන ස්ථාවරයට අනුව එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකවරයා නම් කිරීමෙන් පසුවය. මා පෞද්ගලිකවම දරන මතයද එයයි. එසේ කළහොත් පමණක් යෝජිත සන්ධානය නිර්මාණය වෙනවා පමණක් නොව ඊට තවත් පක්ෂ සහ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එකතු වී එය ජයග්‍රාහී සන්ධානයක් බවට පත්වනු නොඅනුමානයි. අද සිදුවිය යුත්තේ සාවද්‍ය පුවත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නොව පළමුව ජනාධිපති අපේක්ෂකයකු නම් කර ප්‍රසිද්ධියට පත්කිරීමෙන් පසුව සන්ධාන ගිවිසුම නිර්මාණය කිරීමයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post