‘කම්මුතුකාරයකුට’ රට බාර දෙනවාද?

0 Aug 10, 2019 09.14am Gossip

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ටර්මිනේටර් (කම්මුතුකාරයා) කෙනකු හඳුන්වා දෙන බව පැවැසීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළුව මුළු රටම කම්මුතු කරන්නකුට රට බාරදීමට ජනතාව සූදානම් දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත ජනතාවගෙන් ඊයේ (09) ප්‍රශ්න කළේය.

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (08) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවැසුවේ ටර්මිනේටර් (කම්මුතුකාරයා) කෙනකුට රට බාරදෙන බව යැයි සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, ටර්මිනේටර් කෙනකුට රට බාර දුන්නොත් සැමගේ ජීවිත කම්මුතු වන බවත් පෙන්වා දුන්නේය.

මෙහි දී මාධ්‍ය අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය. පොහොට්ටු‍වට සහාය දෙමින් මට බැණ්නාට කමක් නෑ. දිනපතාම මාධ්‍යයෙන් මට බණිනවා. ටර්මිනේටර් කෙනකු පත්වුවහොත් එම ටර්මිනේටර්ට මට වාගේ බණින්න මාධ්‍යයට පුළුවන් වෙයිද? ටර්මිනේටර් කෙනකුට රට භාරදීලා ඔබලාගේ ජීවිතයත් අනාගතයත් කම්මුතු කර ගන්නවාද, එසේ නැත්නම් රට ආරක්ෂා කරගෙන මෙතෙක් ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති හරහා අනාගතය රැක ගන්නවා දැයි සිතා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වූයේ ඊයේ (09) අරලියගහ මන්දිරයේ පැවැති වසර 2019 ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රාදේශීය හා නගර සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට එක්වෙමින්ය.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post