කසළ ගෙන්වූ අයට නඩු දානවා

0 Aug 06, 2019 09.13am Gossip

කසළ කන්ටේනර් ආනයනය සම්බන්ධ අදාළ පුද්ගලයන්ට නඩු පැවරීමට ක්‍රියා කරගෙන යන බව පරිසර මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. එම කසළ කන්ටේනර් ගෙන්වූ රටට ම නැවත ඒවා ප්‍රතිඅපනයනය කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මෙම කසළ කන්ටේනර් පිළිබඳ ආයෝජන මණ්ඩලය සිදුකළ යුතු කාර්යභාරය අනුමත කරවාගත හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියෙන් නිර්දේශ ලබාගත යුතු අතර එයත් සිදු වී නොමැති නිසා නඩු පැවරීම සිදුකරන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

කසළ ගෙන්වීමට අදාළව වසර 2013 එවකට පැවැති රජය වාණිජ ආර්ථික කේන්ද්‍රස්ථාන රෙගුලාසි (Commercial hub Regulation) ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙන බව සිහිපත් කළ රාජ්‍ය ඇමැතිවරයා, එම රෙගුලාසි රේගු පනත සහ ආනයන අපනයන පනත අභිභවා යන බවත් පෙන්වා දුන්නේය.

පරිහරණය කරන ඕනෑම දෙයක් පිටරටින් ගෙන්වීමේ දී ඒවා කසළ ලෙසින් හඳුන්වන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා, පරිහරණය කළ ඕනෑම දෙයක් ගෙන්වීමේදී පරිසර අධිකාරියේ නිර්දේශවල අත්‍යවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අවබෝධ කළේය. රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post