එජාප ප්‍රමුඛ නව පෙරමුණේ අපේක්ෂකයා ජනපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු

0 Aug 01, 2019 09.20am Gossip

එක්සත් ජාතික පෙරමුණ මූලිකත්වයෙන් පිළිගත් දේශපාලන පක්ෂ සමූහයක් සහ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව මෙම පස් වෙනිදා පිහිටුවන ලබන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කරනුයේ ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සඳහන් කරයි.

 ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට සම්බන්ධ වන පක්ෂ සහ සංවිධාන මෙම පස් වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් ගිවිසුම් ගත වන අතර එහිදි ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් නොකරන බව එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ

ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න ශමල් සෙනරත් මහතා ප්‍රකාශ කරයි.

2015 ජනවාරි මස පැවති ජනාධිපතිවරණයට පෙරද එක්සත් ජාතික පක්ෂය මෙසේ පක්ෂ ගණනාවක් සහ සිවිල් සංවිධාන රාශියක් සමග එක්සත් ජාතික පෙරමුණ වශයෙන් පිහිට වූ බවත් එම ජනාධිපතිවරණයේදී එම පෙරමුණේ පොදු අපේක්ෂකයා වු මෛත්‍රිපාල සිරි‍සේන මහතා ජයග්‍රහණය කළ බවත් ඒ මහතා පෙන්වා දෙයි.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post