සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි රටක් තැනීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාවයි

0 Jul 29, 2019 09.23am Gossip

සියලු ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් සිංහල, දෙමල හා මුස්ලිම්ඇතුලු සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වියහැකි රටක් නිර්මාණය කිරීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඉකුත් (26) දා ප්‍රකාශ කළේය.

ඒ අනුව කිසිදු පුරවැසියකුට ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි කළයුතු නැති බවද බෙදී වෙන්වීම මේ ජාතික ප්‍රශ්නයට විසඳුම නොවන බව පෙන්වා දුන් ඒ මහතා එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි සියලු දෙනාම කටයුතු කළයුතු බවද එහිදි සඳහන් කළේය.

1994 න් පසුව හැම ආණ්ඩුවක්ම මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියා පැමිණ පොරොන්දුව කඩ කළා. මහින්ද රාජපක්ෂ මහතා ද මැතිවරණ ප්‍රකාශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිවුවා. නමුත් අවසානයේ කළේ බලතල තවත් තහවුරු කර ගැනීමයි. 2010 දී 18 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිධූරය රජකමක් බවට පත්කර ගැනීමේ මූලික පියවර රාජපක්ෂ මහත්තයා ගත්තා.

නමුත් අපේ ආණ්ඩුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කටයුතු නොකළත් අඩුම තරමින් විධායක ජනාධිපති ධූරයේ තටු කැපුවා. මෙය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕන කියම මතයේ මම අදත් ඉන්නවා. අපේ ඊළඟ ජනාධිපතිවරයා මෙහි ඉතිරි කටයුත්තත් කරනවා. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම ඒක හා සමාන ලෙස සලකන ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ ස්ථාවර්ත්වය, ආරක්ෂාව සහ සමෘද්ධිය උදාකර ගැනීම සඳහා මේ තත්ත්වයට විසදුම් සෙවීම අත්‍යවශ්‍ය වෙනවා. මේ රටේ ඒකීය භාවය, ජාතික සමඟිය සමෘද්ධිය වෙනුවෙන් මේ කටයුත්ත සිදු කළ යුතුයි යැයිද මංගල සමරවීර මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post