දුගී බව නැති කර දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම මගේ ප්‍රමුඛතාවයි

0 Jul 06, 2019 09.29am Gossip

ජනාධිපතිවරයා ලෙස තමා ප්‍රමුඛතාව දී තිබෙන්නේ ජනතාවගේ දුගීභාවය නැති කිරීමටත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සිදු කෙරුණු සංවර්ධන කටයුතු ඊයේ (05) පෙරවරුවේ සිසු අයිතියට පවරා දෙමිනි. 'මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්' පිබිදෙමු පොලොන්නරුව 2016 - 2020 ජනපති වැඩසටහන යටතේ පාසල් දරුවන්ට  ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක නව ගොඩනැගිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන පහසුකම් සිසු අයිතියට පවරාදීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙහි දී දරුවන් ඇමතූ ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ රටේ ජනතාව උගතුන් වූ විට අනෙකුත් ‍ගැටලුවලට ද විසඳුම් ලැබෙන බවයි. නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන විට දරුවන් රටට ආදරය කරන යහපත් පුරවැසියන් ලෙස ගොඩනැඟීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පොලොන්නරුව කවුඩුල්ල මහා විද්‍යාලයේ ඉදි කෙරුණු දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ඊයේ (05) පෙරවරුවේ පළමුව ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පැවැරිණි.

විද්‍යාලය ‍වෙත ගිය ජනාධිපතිවරයා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගත් අතර, සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් සිසු දරුවන්ගේ ක්‍රියාකාරකම් ද දැක බලා ගත්තේය.

මේ අතර පොලොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලයේ ඉදි කළ පන්ති කාමර 06කින් යුත් දෙමහල්

අනතුරුව මීගස්වැව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු තනි මහල් නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක් විය.

විද්‍යාලයේ අඩු පාඩු කිහිපයක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, ඒවා සඳහා ‍අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය.

මේ අතර පොලොන්නරුව අඹගස්වැව මහා විද්‍යාලයේ ඉදි කෙරුණු ශ්‍රවණාගාරයක් සහිත නව තෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල ද අද සිසු අයිතියට පැවැරුණේ ජනාධිපතිවරයා අතිනි.

සිසු දරුවන්ගේ ඉල්ලීම පරිදි එම විද්‍යාලයේ සෙසු අඩු පාඩු සපුරා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

එමෙන්ම විද්‍යාලය වෙත නව පරිගණක ඒකකයක් ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ‍ගමේ දරුවන්ට ඉහළට යෑමට තිබෙන මාවත අධ්‍යාපනය වන අතර ග්‍රාමීය පාසල් වෙත සියලු සම්පත් ලබා දෙන්නේ සියලු දරුවන්ට අධ්‍යාපනයේ නිවැරැදි මාවත සකස් කරදීමට බවයි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ද පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් මවුපියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post