අමෙරිකාවෙන් ගෝඨාභයට නඩු පිට නඩු

0 Jun 28, 2019 09.05am Gossip

පසුගිය රජයේ හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයක පෙරේදා (26) තවත් නඩු කිහිපයක් ගොනු කර ඇතැයි ඇසෝසියෙ­්ටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට හිංසනය භාවිත කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩු පුද්ගලයන් 10දෙනකු ගොනු කර ඇති බව එහි දැක්වේ. එහි සිංහල ජාතිකයන් දෙදෙනකු සහ දමිළ ජාතිකයන් අට දෙනෙකු සිටින බව එම වාර්තාවේ සඳහන් වේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු සමයේ වධ හිංසාවලට ගොදුරුවූ බව පවසමින් වන්දි ඉල්ලා මෙම නඩුව පවරා ඇති බවද වාර්තා වී තිබේ.

ITJP නමින් හඳුන්වන ජාත්‍යන්තර නීතිඥ සමාගමක් මෙම නඩු ගොනු කර ඇති අතර ගෝඨෘභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියකු බැවින් අමෙරිකානු අධිකරණයක් හමුවේ මෙම නඩු ගොනු කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළව හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය අමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් මීට පෙර ගොනු කළාය.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post