රිෂාඩ්- හිස්බුල්ලා-අසාද් සාලිට ස්ථාපිත පොලිස් කමිටුවට තවම එක පැමිණිල්ලයි

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ,හිටපු ආණ්ඩුකාරවරුන් වන ඒ.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කළ කමිටුවට ඊයේ (05) වන විට ලැබී තිබුණේ එක් පැමිණිල්ලක් පමණි.
රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා විසිනි.
රිෂාඩ් බදියුදීන්, ඒ.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව ඇති පැමිණිලි සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙසින් පොලිස් මූලස්ථානයේ මෙම කමිටුව ස්ථාපිත කරන්නේ පෙරේදා (04) ය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී.ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක් පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ යන මහත්වරුන්ය.
සියළු පැමිණිලි ලබන 12 වෙනිදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා භාරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සදහන් කළේය. ඉදිරිපත් කරන පැමිණිලි වලට අදාල කරුණු සනාත කිරීමට ලිඛිත හෝ වෙනත් සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ද රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)
පුවත්
-
කෝටි දහයක රත්රන් ගුවන්තොටේ දී අත්අඩංගුවට
Dec 12, 2019 10.04am Views 0 Read More...ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපළේ සේවකයකුට එළියට රැගෙනවිත් දෙන
-
එක්සත් රාජධානියේ මහ මැතිවරණය අදයි
එක්සත් රාජධානියේ මහ මැතිවරණය අද(12) පැවැත්වේ. වසර හතරක් තුළ පැවැත්වෙන තෙවැනි මහ මැතිවරණය
-
හෙට සිට වැස්ස අඩුවන ලකුණු
දිවයිනේ උතුරු අර්ධයේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට(11) සිට තරමක් දුරට අඩුවන ලකුණු ඇතැයි කාලගුණ -
මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ තොගයක් නාවික හමුදාව අත්අඩංගුවට
මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් -
ස්විස් තානාපති කාර්යාල සිද්ධිය: රාජිතගෙන් ප්‍රකාශයක් ගන්න
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක ගැන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකර ඇති -
කරන්දෙණියේ අනතුරකින් 15 කට තුවාල
අම්බලන්ගොඩ- ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය මඩකුඹුර විද්‍යාලය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු -
මහ මැතිවරණය අත ළඟ නායකත්වය සජිත්ට දෙන්න
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නව ප්රජාතන්ත්රවාදි පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට