ශ්‍රී ලංකාව දැන් යථා තත්ත්වයට පත් වෙලා

කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ
පසුගිය දිනවල ඇති වූ තත්ත්වයෙන් පසුව රට නැවත යථා තත්ත්වයට පත් වී තිබෙන බව ප්‍රකාශ කිරීමට ශිල්ප සේනා වැඩසටහන හරහා අවස්ථාව ලැබෙන බවත් මේ වැඩසටහන දිස්ත්‍රික්ක සියල්ලේම දියත් කිරීම හරහා රටේ දළ ජාතික නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කරගැනීමට හැකි වන බවත් විද්‍යාව තාක්ෂණ හා පර්යේෂණ ( කැබිනට් නොවන ) අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල සෙත්සිරිපාය,විද්‍යාව,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ දී ඊයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නැනෝ චන්ද්‍රිකාවක් ( රාවණ - 01) අභ්‍යාවකාශ ගත කිරීම සිදු වුණා.ඊට දායක වූ සිසුන් දෙදෙනා සඳහා ශිෂ්‍යත්ව ලබා දීම සිදු කර තිබෙනවා. ඉන් එක් සිසුවෙක් සඳහා සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ද අනික් සිසුවා සඳහා ආතර් සී ක්ලාක් ආයතනයෙන් මිලියන 21ක් ද වියදම් කර තිබෙනවා. මේ සඳහා ජපානය,නේපාලය දායකත්වය ලබා දී තිබෙනවා. ඉන් එක් සිසුවෙක් සඳහා ආචාර්ය උපාධිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. ජපානය විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා.
මේ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම ශ්‍රී ලංකාව ලද විශාල ජයග්‍රහණයක්. මෙය අභ්‍යවකාශ ගත කිරීම ජූනි 17 සිදු කරනවා. එය අප රටට,අමාත්‍යාංශයට, ඒ සිසුන් ලද විශාල ජයග්‍රහණයක්.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)
පුවත්
-
කෝටි දහයක රත්රන් ගුවන්තොටේ දී අත්අඩංගුවට
Dec 12, 2019 10.04am Views 0 Read More...ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපළේ සේවකයකුට එළියට රැගෙනවිත් දෙන
-
එක්සත් රාජධානියේ මහ මැතිවරණය අදයි
එක්සත් රාජධානියේ මහ මැතිවරණය අද(12) පැවැත්වේ. වසර හතරක් තුළ පැවැත්වෙන තෙවැනි මහ මැතිවරණය
-
හෙට සිට වැස්ස අඩුවන ලකුණු
දිවයිනේ උතුරු අර්ධයේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට(11) සිට තරමක් දුරට අඩුවන ලකුණු ඇතැයි කාලගුණ -
මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ තොගයක් නාවික හමුදාව අත්අඩංගුවට
මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් -
ස්විස් තානාපති කාර්යාල සිද්ධිය: රාජිතගෙන් ප්‍රකාශයක් ගන්න
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක ගැන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකර ඇති -
කරන්දෙණියේ අනතුරකින් 15 කට තුවාල
අම්බලන්ගොඩ- ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය මඩකුඹුර විද්‍යාලය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු -
මහ මැතිවරණය අත ළඟ නායකත්වය සජිත්ට දෙන්න
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නව ප්රජාතන්ත්රවාදි පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට