පිබිදෙමු පොළොන්නරුවෙන් කුරුණෑගල සිට හබරණට අලුත් දුම්රිය මාර්ගයක්

0 Jun 04, 2019 09.31am Gossip

‘‘පිබිදෙමු පොළොන්නරුව” වැඩ සටහන යටතේ ඩොලර් බිලියනයක වියදමකින් කුරුණෑගල සිට හබරණ දක්වා අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකරණ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන දුම්රිය මාර්ගය කුරුණෑගල දුම්රිය ස්ථානයේ සිට දඹුල්ල හා සීගිරිය හරහා හබරණ දක්වා ඉදිකෙරේ. හබරණ දී මෙම දුම්රිය මාර්ගය කුරුණෑගලින් මඩකලපුව බලා ගමන් ගන්නා දුම්රිය මාර්ගයට එක් වනු ඇත. නව දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් සංචාරක කර්මාන්තයේ විශාල සංවර්ධනයක් ඇතිවනු ඇත.

සංචාරකයන් දඹුල්ල, සීගිරිය වැනි සිද්ධස්ථාන වැදපුදා ගැනීමට දැඩි රුචියක් දැක්වූවද ඔවුන්ට දුම්රියෙන් එම ස්ථාන කරා දැනට ගමන් කීරීමට නොහැකිවීම විශාල අඩුපාඩුවක් බව දුම්රිය දෙපර්තුමේන්තුවට පෙනී ගොස් තිබේ. මෙම ව්‍යාපෘතිය 2025 වසරේ දී අවසන්වීමට නියමිත අතර, මේ වනවටත් දුම්රිය දෙපාර්තුමේන්තුව ඉඩම් පවරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද අශෝක් අබේසිංහ ඇමැතිවරයා පැවසීය.

කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ සැලසුමක් ද ආරම්භ කරීමට නියමිතය. මීට අමතරව දඹුල්ල ප්‍රදේශයේ ජනතාවගේ ගොවි නිෂ්පාදන කොළඹට ගෙනඒමේ හැකියාව ද පහසුවනු ඇත. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් දඹුල්ල හා සීගිරිය යන ප්‍රදේශ විශාල වශයෙන් දියුණුවට පත්වන විට ඒ හරහා දුම්රිය ධාවනයවීමේ දී මෙතෙක් කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය හා මඩකලපුව බලා ගමන් ගත් මගීන්හට දැනට ගමන් කරන කාලයට වඩා පැයක කාලයක් ඉතිරි කර ගත හැකි බවද අබේසිංහ මහතා කීවේය.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post