මුදල් - රන් බඩු සමඟ සහරාන්ගේ ලැප්ටොප් එකක් පාලමක් යටින් හමුවෙයි

0 Jun 01, 2019 09.08am Gossip

තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක සහරාන්ගේ යැයි සැක කෙරෙන ලැප්ටොප් යන්ත්‍රයක්, රුපියල් ලක්ෂ තිස්පහක් සහ තවත් රත්රන් බඩු කිහිපයක් අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පාලම යට වතු‍රේ තිබී සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සහරාන්ගේ සමීපතම හිතවතකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම භාණ්ඩ පිළිබඳ අනාවරණය වීමෙන් පසු ඒවා පෙරේදා මෙසේ සොයාගෙන ඇති බවයි.

මෙම ලැප්ටොප් යන්ත්‍රයේ සහරාන්ගේ පෞද්ගලික තොරතුරු ද ඇතුළත් වී ඇතැයි සැක කෙරෙන අතර ඉදිරියේදී තාක්ෂණික ක්‍රම ඔස්සේ මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට පියවර ගෙන තිබේ.

මේ අතර මීට සති කිහිපයකට පෙර නුවරඑළිය ප්‍රදේශයේදී සොයාගත් ලැප්ටොප් යන්ත්‍රයේ දත්තවල ඇතුළත්ව තිබූ නම් හැටක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එම නම් හැටම අයිති පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මොවුන් රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post