වෛද්‍ය ෂාෆි ගැන සොයන්න විශේෂ වෛද්‍ය මණ්ඩලයක්

0 May 28, 2019 09.11am Gossip

වෛද්‍ය සෙයිගු සහාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා පිළිබඳ සත්‍ය හෙළි කර ගැනීමට විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු තිදෙනකු සහ වෛද්‍ය සභාවේ නියෝජිතයකු මෙම මණ්ඩලයට ඇතුළත් වන බව පැවසූ ඇමැති දොස්තර සේනා‍රත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන අතර, ඊට අමතරව අමාත්‍යාංශය මගින්ද පරීක්ෂණයක් සිදු කිරීමට වෛද්‍ය මණ්ඩලය පත් කළ බව සඳහන් කළේය. පරීක්ෂණවලින් වෛද්‍යවරයා වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

සිසේරියන් සැත්කමක් ශල්‍යාගාරයේ දී සිදු කරද්දී සහකාර වෛද්‍යවරු, නිර්වින්දන වෛද්‍යවරයා, හෙද හෙදියන්, කම්කරුවන් යනාදී කණ්ඩායමක් සිටින බවද ඇමැතිවරයා කීය.

මුලින්ම පැවසුනේ මවුවරුන් හාරදහසකට වඳ සැත්කම් කළ බවයි. අද වන විට එය අටදහස දක්වා ඉහළ ගොස් තිබෙනවා. පරස්පර විරෝධී ප්‍රකාශ හමුවේ සැබෑ තත්ත්වය හෙළිදරව් කරගෙන ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (27) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post