පොලී අනුපාත අඩු කිරීමේ අගමැති කමිටු වාර්තාව එළිදකී

0 Apr 10, 2019 08.51am Gossip

ඉහළ යමින් තිබෙන පොලී අනුපාත පහත හෙළීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි ආණ්ඩුවට නිර්දේශ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ ඉහළ පෙළේ ක්‍රියාකාරී කමිටුවේ වාර්තාව අද (10) එළිදැක්වෙනු ඇතැයි මහබැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජික ප්‍රවීණ බැංකුකරුවකු වන නිහාල් ෆොන්සේකා මහතා මේ කමිටුවේ සභාපතිත්වය උසුලන බවද අධිපතිවරයා කීය.

අඩු පොලී අනුපාත පවත්වාගෙන යන්නේ නම් ඒ ඔස්සේ රටේ ආර්ථිකයේ වෘද්ධිය හා ණය වැඩසටහන් වේගවත් කළ හැකිය. ඊට අමතරව රටට අවශ්‍ය විදේශ විනිමය අඩු පොලී අනුපාත යටතේ මුල්‍ය වෙළෙඳපොළෙන් ලබා ගැනීමට හැකි නම් අප රටේ ආයෝජන ඉහළ යනු ඇත.

මේ රටට හා ආර්ථික වර්ධනයට හිතකර පොලී ප්‍රතිශත පවත්වා ගැනීමට කළයුතු හා ගතයුතු පියවර ඉහළ පෙළේ ක්‍රියාකාරී කමිටුව අද අගමැතිවරයාට භාරදෙන වාර්තාව මඟින් හෙළිකරනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා සඳහන් කෙළේය.

ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පෙරේදා (08) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව කීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post