ජනතාවට හානිකර නළා-ලයිට්-කැසට් බෑ

0 Apr 09, 2019 09.13am Gossip

විවිධ වූ නලා ශබ්ද හඬවමින්, විවිධ ආකාරයේ ලියිට් එළි යොදමින්, මහජනතාවට හානිකර කැසට් පට දමා වාහන ධාවනය කරන සියලුම රියදුරන්ට සහ එම බස් රථ හිමියන් තරා තිරම නොබලා අත්අඩංගුවට ගැනීමටත්, සිරදඬුවම් නියම කිරීමටත් තරම් ප්‍රබල නීති තදින්ම ක්‍රියාත්මක හැකිවෙන පරිදි සියලුම රථ වාහන නීති සංශෝධනය කර තිබේ.

එම නීතියට පටහැනි ලෙස ක්‍රියාකරන රියදුරන් අත්අඩංගුවට ගැනීම පිණිස ලබන ජුනි 1 දා සිට රට පුරා රථවාහන පොලීසියේ අටදහසක පිරිසක් යොදා මෙහෙයුම් දියත් කිරීමට ද තීරණය කර ඇති බව රථ වාහන පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා කීය.

බස් රථවල සවිකර ඇති විවිධ ආකාරයේ විදුලි බල්බ නලා ශබ්ද සහ කැසට් ඉවත් කිරීම පිණිස ලබන ජුනි 1දා දක්වා කාලය ලබා දී ඇත. යම් ආකාරයකින් මෙම දිනට පසු මෙම වැරදි කරන රියදුරන් හසු වුවහොත් පහත සඳහන් පරිදි රථ වාහන පොලිස් අංඥා පනතේ විධි විධාන අනුව නීති ක්‍රියාත්මක කෙරේ.

මෙම නලා ශබ්ද ඇතුළු මහජන ජීවිතය අපහසුතාවට පත් කරන දේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිවිල් සංවිධාන ගණනාවකින් ඉල්ලීම් ගණනාවක් ද ඉදිරිපත් කර ඇත. මෙම නලා ශබ්ද, විවිධ විදුලි බල්බ නිසා බරපතළ අනතුරු ද සිදු වී තිබේ මෙවැනි වරදක් කර, එවැනි අනතුරක් සිදු වුවහොත් එහිදී වරදේ ස්වාභාවය අනුව වසරක සිර දඬුවම් සමඟ රුපියල් හැත්තැපන්දහසකට නොඅඩු දඩයකට යටත් වීමට රියදුරුට සහ එම බස්රථයේ හිමි කරුට සිදුවෙන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෝටර් රථ පනතේ අංක 155 2009 සංශෝධන පනත අනුව එම නීති ක්‍රියාත්මක වෙයි. විශේෂ හඬ නැඟෙන නලා ශබ්ද කළ හැකි වන්නේ පොලිස් රේඩියෝ රථ ගිලන් රථ සහ ගිනි නිවීමේ රථවලට පමණි.

මිට අමතරව මේ උත්සව සමයේ දී ජංගම දුරකථන භාවිත කරමින්ව රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම පිණිස ද රථ වාහන පොලීසිය දැඩි අවධානයක් යොමු කර ඇත.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post