ග්‍රාමශක්ති නැ’හිර කමිටුව අද ජනපති ප්‍රධානත්වයෙන්

0 Feb 08, 2019 10.34am Gossip

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක, ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ නැ‍ෙඟෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (8) මඩකලපුව, මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනතාවට යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වෝත්සාහයෙන් නැගීසිටීමට අත්වැල සපයන ව්‍යාපෘතියක්වීම විශේෂත්වයක් වන අතර, පෞද්ගලික අංශයේ ද දායකත්වයෙන් එය මේ වන විට සාර්ථකව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

2018 වසරේ දී මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමශක්ති සමිතිවලට ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 42ක් වන අතර, අම්පාර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 66ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 33ක් ලබා දී තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජීවත්වන 526, 567ක ජනතාවගෙන් 11.3%ක් දරිද්‍රතාවෙන් පීඩාවිදින අතර, අම්පාර දිස්ත්‍රික්කයේ 649,402ක ජනතාවකගෙන් 2.6%ක් ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 3,79,541ක ජනතාවගෙන් 10%ක් ද දිළිඳුකමින් පීඩා විදී.

එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන්

ග්‍රාමශක්ති ව්‍යාපාරය හරහා ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන අතර, එම වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ අද පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේ දී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.

පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපිරිසගේම සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේ දී ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳ ද විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා විසඳීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම ද සිදු කෙරේ.

එමෙන්ම පෞද්ගලික සමාගම් සහ නැ‍ෙඟෙනහිර පළාතේ ග්‍රාමශක්ති සමිති අතර ගිවිසුම් දෙකකට අස්සන් තැබීම හෙට පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේ දී සිදුවන අතර, ඒ මුහුදු පැළෑටි අපනයනය සහ මුරුංගා දළු එකතුකිරීම හා මිල දී ගැනීම සම්බන්ධවයි.

මේ අතර හෙට ජනාධිපතිවරයා ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන මඩකලපුව, මන්මුනෙයි, සතුරුකොණ්ඩාන් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද නියමිතය.

පවුල් 468ක් ජීවත්වන එම ගම්මානයේ පවුල් 91ක්ම කාන්තාවන් ගෘහමුලිකත්වය දරන අතර එම පවුල්වල ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති පිළිබඳ මතුව ඇති ගැටලු ගැන එහි දී ජනාධිපතිවරයා සෙයා බැලීමට නියමිතය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා මේ වන විට සක්‍රීයව වැඩ අරඹා ඇති ගම්මාන 1000කි. ඉන් 700ක් ප්‍රජාපාලිත ගම්මාන වන අතර, 300ක් නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන ලෙස ක්‍රියාත්මක වෙයි. 2020වන විට මෙම ගම්මාන සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post