පුහුණුවීම්වල නිරත සෙබළු යට කරගෙන ලොරියක් ධාවනයේ

0 Jan 05, 2019 10.29am Gossip

ගණේමුල්ල යුද්ධ හමුදා කඳවුරේ භට පිරිසක් ඊයේ (04) පෙරවරුවේ ශරීර සුවතාවල (P. T) යෙදී සිටිය දී මාර්ගයේ ධාවනය වූ ලොරියක් එම භට පිරිස යටකරගෙන යාමෙන් 11 දෙනකු තුවාල ලබා තිබේ.

ඊයේ උදේ 6.30ට පමණ සිදුවී ඇති එම අනතුරෙන් තුවාල ලැබූ පිරිස රාගම රෝහලට ඇතුළත් කර තිබිණි.

ඉන් දෙදෙනකු තවමත් ප්‍රතිකාර ලබයි. සෙසු පිරිස ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

ලොරි රථයේ රියැදුරු රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරයි.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post