ඇඳ ඇතිරිල්ලේ එල්ලී පාසල් සිසුවෙක් මරුට

0 Dec 03, 2018 09.26am Gossip

හෝමාගම පොලිස් වසමේ දේවාල පාර, පිටිපන උතුර ප්‍රදේශයේ පිහිටි නිවසක කාමරයක් තුළ පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.

ජනේලයෙහි ගැට ගසන ලද ඇඳ ඇතිරිල්ලක් ආධාරයෙන් මෙම දරුවා එල්ලී ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක් වු රණසිංහ ආරච්චිගේ ඉසුරු සංදීප නැමති පාසල් සිසුවෙකි.

ඊයේ(02) රාත්‍රී 4.20 ට පමණ මේ බව පොලීසියට දැනුම් දී තිබේ.

මිය ගිය සිසුවාගේ මෘත ශරීරය මේ වන විට හෝමාගම රෝහලේ තැන්පත් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද(03) දින සිදු කිරීමට නියමිතයි.

මෙලෙස සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත.

හෝමාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post