අගමැති හෝ ආණ්ඩුවේ කිසිම වෙනසක් නෑ

0 Dec 01, 2018 09.01am Gossip

අගමැති ධූරයේ හෝ වත්මන් ආණ්ඩුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති එස් බී දිසානායක මහතා පවසයි. වත්මන් රජය ඉදිරියටත් කටයුතු කරගෙන යන අතර මෙම රජයේ අගමැති පුරප්පාඩුවක් හෝ ඇමැති පුරප්පාඩු නැතැයි ද එස්.බී දිසානායක මහතා සඳහන් කළේය. ඇමතිවරයා මේ බව සඳහන් කළේ පා‍ර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති එස් බී දිසානායක මහතා මෙසේද පැවසීය. මේ ආණ්ඩුවේ කිසිම වෙනසක් වන්නේ නැහැ. මෙහි අගමැති පුරප්පාඩුවක් නැහැ.ඇමතිවරුන්ගේ පුරප්පාඩුත් නැහැ. අගමැති වෙනුවට වෙනත් අයකු පත්කරන්නෙත් නැහැ.මේ ආණ්ඩුව ඉදිරියට යනවා. අධිකරණ තීන්දුව දෙනතෙක් බලාගෙන සිටිනවා. මැතිවරණයකට යාහැකි බව අධිකරණය කීවොත් අපි එයට සූදානම්. එහිදි එජාප මන්ත්‍රී සංඛ්‍යාව 65ට අඩු කරනවා.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post