ඉකුත් 27 දා මැති සබය පැවැතුණේ පොදු රාජ්‍ය ක්‍රමයටයි

0 Dec 01, 2018 09.00am Gossip

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ උපදෙස් පරිදි පූර්ණ නීතිරීතිවලට අනුකූලව පසුගිය 27 දින සිට පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (30) පැවසීය.

පාර්ලිමේන්තුව 5 දින රැස්කර 7 දින යළි කැඳවන ලෙසට ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී තීරණය කළද එළඹි තත්ත්වයන් හමුවේ පාර්ලිමේන්තුව කැඳවූ බවත් ගැසට් නිවේදනයට අනුව ආණ්ඩුව පිළිගත් බවත් කථානායකවරයා පැවසීය.

විශ්වාසභංග යෝජනාව සම්මත වූ පසු ආණ්ඩුව පිළිගත නොහැකි බවට ප්‍රකාශ කළ බවත් කතානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 6න් හතරක්ම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ඇති බැවින් නිත්‍යානුකූලව පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුව හෘද සක්ෂියට එකඟව ස්ථාවර නියෝග පරිදි පවත්වාගෙන ගිය බවද කරු ජයසූරිය මහතා පැවසීය.

ඊයේ (30) ඉදිරිපත් කළ අමාත්‍ය වැය ශීර්ෂ කපා හැරීමේ එජාප යෝජනාවට අදහස් පළ කරමින් කතානායකවරයා එසේ පැවසීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post