පළමු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලය දිවයිනට

0 Nov 30, 2018 01.21pm Gossip

ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ ද්විත්ව බලවේග කට්ටලය ලබන බදාදා මෙරටට ළඟාවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
මේ වනවිට එම දුම්රිය කට්ටලය නැව්ගත කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පැවසීය.
 
ව්‍යාපෘතිය යටතේ එන්ජින් 10 ක් සහ දුම්රිය ද්විත්ව බලවේග කට්ටල 6 ක් ගෙන්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා වැය කරන මුදල ඩොලර් බිලියන 560කි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post