මොරගහකන්ද වාන්දොරටු විවෘත කෙරේ

0 Nov 30, 2018 01.18pm Gossip

මොරගහකන්ද-කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ වාන්දොරටු, ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

රජ රට ගොවි ජනතාවගේ කෘෂිකර්ම සහ පානීය ජල ප්‍රශ්නය විසදා එම ජනතාවගේ වසර ගණනාවක කදුළු කථාව නිමා කෙරෙන මොරගහහකන්ද මහා වාරි ව්‍යාපෘතිය විසි එක්වන සියවසේ ශ්‍රී ලංකාවේ ඉදි වූ වාරි විස්මිතය ලෙස නිම කර තිබේ.

මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් අක්කර ලක්ෂ 03ක් අලූතින් අස්වද්දා පවුල් ලක්ෂ 15කට සෙත සැලසෙන අතර, පවුල් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයේ.

මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් පිරී පවතින ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.

රජ රට ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දීර්ඝ කලක සිට දුටු සිහිනයක් වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2007 වසරේ ඇරඹුණ ද නිසි රාජ්‍ය අනුග්‍රහයක් නොලැබීම හේතුවෙන් එහි කටයුතු ප්‍රමාද විය.

2015 ජනවාරි 08 වනදින රාජ්‍ය නායකත්වයට පත් මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික කැපවීම සහ උනන්දුව මත ව්‍යාපෘතිය කඩිනම් කෙරිණි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post