සුමන්තිරන්ගේ නියෝග ඉදිරියේ කිරිඇල්ල අසරණවීම ගැන දුකයි

0 Nov 26, 2018 09.50am Gossip

ඡන්ද දහයක්, දොළහක් තියාගෙන සුමන්තිරන් මන්ත්‍රීතුමා හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පාර්ලිමේන්තුවේ නියෝග දෙන මට්ටමට පත්වී තිබීම දකිනවිට අපිට දුකක් ඇතිවෙන බව ඇල්ලේ ගුණවංශ නාහිමියෝ ප්‍රකාශ කළහ.

අද එක්සත් ජාතික පෙරමුණේ අය බහුතරය පෙන්වන්න ඕනෑ නිසා වැටිලා තියෙන තත්ත්වය දුටු විට දුක හිතෙන බවද උන්වහන්සේ කීය.

අධිකරණය ගැන ජනතාවගේ සිත්වල පවතින විශ්වාසය බිඳ  දමන්නට කරුණු නොදැන ඇතැම් දේශපාලනඥයින් අවිචාරවත් ප්‍රකාශ සිදු කරන බවට සැකයක් මතුවන බව ඇල්ලේ ගුණවංශ නාහිමියෝ ප්‍රකාශ කළහ.

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සිවු වැනි මහලේ ඊයේ (25) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ එසේ කීහ.

පළමුව අපේ රට වෙන්දේසි කළ දෙවැනුව රටේ සම්පත් වෙන්දේසි කළ පිරිස් දැන් බලය වෙන්දේසි කිරීම පටන්ගෙන ඇතැයිද උන්වහන්සේ අවධාරණය කළහ.

ජනතාවට විශ්වාසයෙන් යා හැකි එකම තැන අධිකරණයයි. සත්‍යයේ සහ යුක්තියේ රන්දෙවොල අධිකරණයයි. අද වනවිට හරි හැටි කරුණු නොදැන අවිචාරවත් ප්‍රකාශ කරන, අවිචාරවත්ව හැසිරෙන ඇතැම් දේශපාලනඥයින් අධිකරණය ගැන ජනතාවගේ පවතින විශ්වාසය බිඳ දමන්නට කටයුතු කරන්නේ දැයි අපට සැක මතුවෙනවා.

ජනතාවට, අපිට, පිහිටට ඇති එකම තැන අධිකරණය නම්, කවුරුහරි ඒ ගැන අපේ තිබෙන විශ්වාසය බිඳ වැටෙන්නට හරිනවා නම් අපට කාගේ පිහිටක්ද? උන්වහන්සේ ප්‍රශ්න කළහ.

 


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post