මන්නාරම සමූහ මිනී වළෙන් දම් වැලකින් ගැට ගසා තිබූ පාදයක්‌ හමුවෙයි -සෙබළෙකුගේ බවට සැකකෙරේ

0 Aug 16, 2018 10.03am Gossip

මන්නාරම සමූහ මිනී වළේ තිබී දම්වැලකින් ගැට ගසා තිබූ පාදයක්‌ හමුවී ඇත. මෙය හමුදා සෙබළකුගේ බවට සැකකෙරේ.

කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්‌වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබූ බව රැඳවුම්භාරයේ සිටින ත්‍රස්‌තයන් විසින් හෙළිකර තිබේ.

වන්නියේ කොටි සිරකඳවුරක සිටි සෙබළුන් 16 දෙනාද එලෙස දම්වැල්වලින් බැඳ තිබූ බව හෙළිවිය. පසුව ඔවුන්ට වෙඩි තබා මරා සිරුරු පුළුස්‌සා දමා තිබේ.

මේ වන විට සෙබළුන් 5000 ක්‌ අතුරුදන් වී ඇත.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post