දුව උසස්‌ පෙළ කිරීමට බෑ කිව්වා කියා වැල්ලවත්තේ මවක්‌ දිවි නසාගනී

0 Aug 16, 2018 10.01am Gossip

වැල්ලවත්ත, පීටර්සන් පාරේ නිවසක්‌ තුළදී මවක්‌ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

පෙරේදා (14 වැනිදා) පස්‌වරුවේ මෙලෙස දිවිනසා ගෙන ඇත්තේ ප්‍රියදර්ශනී පුෂ්පරාජා (46) නමැති කාන්තාවකි. 

ඇගේ දියණිය අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව සිටින්නීය. එම දියණියට අ. පො. ස. උසස්‌ පෙළ අධ්‍යාපනය හදාරණ ලෙසට පැවසුවත් දියණිය අධ්‍යාපන කටයුතු කරගෙන නොයැම හේතුවෙන් එම මව ඒ ගැන කලකිරී මෙලෙස සිය දිවිනසා ගෙන ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි. 

දිවිනසා ගත් මවගේ මරණ පරීක්‍ෂණය ඊයේ (15 වැනිදා) කළුබෝවිල මහ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි. 

වැල්ලවත්ත පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කපිල විඡේමාන්න මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක නාඹරුන්න ඇතුළු නිලධාරීහු වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ සිදු කරති.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post