මිලියන ගානක හෙරෝයින් සමඟ අයෙක් මාට්ටු

0 Nov 08, 2018 09.39am Gossip

රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු මාලිගාවත්ත, කෙත්තාරාම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා දූෂණ මර්ධන ඒකකයේ නිළදාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින්  ග්‍රෑම් 500යි මිලි ග්‍රෑම් 210ක් සෙයාගෙන තිබේ.

සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර ඔහු අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post