''කිසිදා දේශපාලනයට එන්නේ නෑ'' - සංගාගෙන් ෆේස්‌බුක්‌ සටහනක්‌

0 Aug 14, 2018 09.44am Gossip

තමා කිසිදිනක දේශපාලනයට නොඑන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක කුමාර් සංගක්‌කාර පවසයි.

සිය ෆේස්‌බුක්‌ ගිණුමේ සටහනක්‌ තබමින් හෙතෙම මේ කරුණු අනාවරණය කර ඇති අතර තමාට දේශපාලනයට පැමිණීමට කිසිම දිනක බලාපොරොත්තුවක්‌ නොතිබුණු බවද හෙතෙම අවධාරණය කර සිටී.

තමා ජනතා නියෝජිතයන්ට ගරු කරන බවත් තමාට දේශපාලන බලාපොරොත්තු නොමැති බවත් සංගක්‌කාර සිය ෆේස්‌බුක්‌ ගිණුමේ සටහන් කර තිබේ.

2020 ජනපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිරුණු කටකතා තම අවධානයට යොමු වූ බවත් ඒ ගැන විවිධ පුද්ගලයන් තමන්ගේ මත ඉදිරිපත් කළ බවත් ඒ මතයන් සියල්ලටම තමා ගරු කරන බවත් සංගක්‌කාර කීය. 

තමා සමාජ සේවා කටයුතුවල ඉදිරියටත් නිරත වීමට බලාපොරොත්ත වන බවද හිටපු ක්‍රිකට්‌ නායකයා සඳහන් කර ඇත.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post