මිලියන ගානක හෙරොයින් එක්ක පුද්ගලයෙක් මාට්ටු

0 Nov 07, 2018 09.40am Gossip

හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 60ක් සමඟ සැකකරුවෙක් මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(06) සවස 6.15ට පමණ කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියා පාර, ජය මාවතට හැරෙන මංසන්ධියේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු නවතා පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් බෑගයේ තිබී මෙම හෙරොයින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 51 ක් වු කඩොල්කැලේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙක් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු අද(07) දිනයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට පත් හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් මිලියන 20 කට අධික බව පොලීසිය සඳහන් කරයි.

මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post