හැටන් වලින් තවත් වාර්තාවක්

0 Nov 06, 2018 09.48am Gossip

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හැටන් ඩිපෝවේ දෛනික අදායම වාර්තා ගත ලෙස ඉහල මට්ටමකට ගෙන එමට පසුගිය සතිය තුලදි හැකිවී තිබේ.

හැටන් ඩිපෝවේ වාර්තා ගත දෛනික ආදායම වු ලක්ෂ විස්ස ඉක්මවු මුදලක් ඊයේ (05) දිනයේදි වාර්තා කල බව වැඩබලන ඩිපෝ කළමණාකරු ඒ.කේ.පි.සි මහානාම මහතා පවසයී.


සාමාන්‍යයෙන් දිනකට ලක්ෂ 14 පමණ වු එම මුදල නව කළමණාකරනයත් සමඟ දෛනිකව දහඅටලක්ෂ පනස්දහස ඉක්මවා වර්ධනය වු බවත් දීපාවලි දිනයට පෙර දිනයේදි විසි ලක්ෂ පනස්දස දක්වා වර්ධනය කර ගත හැකිවු බවත් පවසති.

දෛනිකව බස් 92 ක් ධාවනයට එක්කර ඇති බවත් ඉදිරියේ දී නව මාර්ග කීපයක් සදහා නව බස්සේවාවන් ආරම්භ කිරිමට පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.

එමෙන්න නව පාලන වෙනසත් සමඟ කිසිදු දෙශපාලනික පලිගැනිම් හෝ අක්‍රමිකතාවයකින් තොරව සුහදව හා සහෝදරත්වයෙන් කටයුතු කරන බවද හෙතෙම අවධාරනය ක ෙළ්ය.
( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post