ඝාතනයකට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

0 Nov 06, 2018 09.46am Gossip

මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ දි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය විසින් ඊයේ (05) රාත්‍රීයේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, බෝර 12 ගිනි අවියක් සහ කඩු දෙකක් පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරු රුවන්ගොඩ, දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දඩයක්කාරගේ බුද්ධික විජේසිරි නොහොත් “මල්ටියා” නමැති අයෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඔහු අද (06) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post