ජවිපෙ සහාය රනිල්ට නෑ

0 Nov 03, 2018 10.38am Gossip

ජවිපෙය පාර්ලිමේන්තුවේදී එජාපය හෝ වෙනත් කිසිදු කණ්ඩායමකට තම සහයෝගය ලබාදීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකශ කළේ ජවිපෙ සහාය රනිල් වික්‍රමසිංහ මහතා රැකගැනීම සඳහා එජාපයට ලබාදෙන බවට එජාපය සහ ඇතැම් සමාජ මාධ්‍ය ජාලා විසින් ගෙන යන සාවධ්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සිය පක්ෂය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බවට එක්තරා වෙබ් අඩවියක් මඟින් ප්‍රචාරය කර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ එවැන්නක් කිසිදු ස්ථානයක දී ප්‍රකාශ කර නොමැති බව ද එවැන්නක් සිදු නොවන බව ද පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේ දී ඡන්දය දුන් බව සිහිපත් කරන මන්ත්‍රීවරයා ඒ වගේම අපේ ස්ථාවරය කෙසේ වෙතත් මේ අවස්ථාවේ සිදු වූ දෙය ව්‍යවස්ථා විරෝධී බව ද එය වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාට බල කරන බව ද කියා සිටී. මේ අතර මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස ඉල්ලා සිටින බවයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post