වසර 16 ක්‌ කෑ මඟුල එපාවී ෆේස්‌බුක්‌ පෙම්වතාට හිත යයි

0 Aug 09, 2018 10.46am Gossip

වසර දහසයක්‌ පුරා ආදරයෙන් සැළකු තම සැමියා අතහැර දින හතකට ඉහතදී මුහුණු පොතෙන් දැනහඳුනාගත් පුරුෂයකු සමග වාසය කළ යුතු බව ඉල්ලා සිටි කාන්තාවත් පිළිබඳව බෙන්තොට පොලිසියෙන් වාර්තා වෙයි.

වයස අවරුeදු 15 ක්‌ පමණ වූ වැඩිමහල් දියණියක ඇතුළු දරුවන් තිදෙනකුගේ මවක්‌ වන 40 හැවිරිදි මෙම කාන්තාව පොලිසිය තුළ සිදුකළ සාක්‍ෂි විභාගයේදී මෙලෙස තම සැමියා හා දරුවන් අතහැර දෙදරු පියෙකු වන මුහුණු පොතේ පුරුෂයා සමග ජීවත්විය යුතු බවට තීරණ කළ බව පවසා තිබේ.

තම බිරිඳගේ ස්‌වභාවය දරාගත නොහැකිවූ සැමියා පොලිස්‌ ස්‌ථානය තුළ හඬාවැටෙද්දී පොලිස්‌ නිලධාරින් ඔහු අමාන්ත්‍රණය කොට කරුණු පහදාදී නිවසට පිටත්කර හැර තිබේ.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post